ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම හරහා රුපියල් මිලියන 33.9 ක මහජන මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් පවරා තිබුණු නඩුවට අදාලව තවත් සැක කරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර තිබේ.
මෙම නඩුවට අදාල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද වග උත්තරකරුවෙකු ලෙස නම් කර තිබුණු අතර, 2019 වසරේ නොවැම්බර් මාසයේ දී ති‍්‍රපුද්ගල මහාධිකරණය, අදාල චෝදනාවලින් ඔහු නිදොස්කොට නිදහස් කරන ලදී.