කන්න ඕනේ පරවියෝ වගේ..! සතියකට පවුලකට සහල් කිලෝ 03ක් හොදටම ඇති..! වැඩිය කෑවම ලෙඩ වෙනවා..! ඇමති බන්දුල කට අරියි..!

සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම සහන මල්ල හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කැළඹීමක් ඇතිව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි බවද පැවසූ ඔහු වෙනත් ආයතන විසින් එම භාණ්ඩ ඊට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරමින් ඇතැයිද කියා සිටියේය.

කෙසේ නමුත් සතොස විසින් ලබා දෙන භාණ්ඩ වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

‘මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝ තුනක් තියෙනවා. සීනි කිලෝවක්. මේ කාලපරිච්ඡේදය සති දෙකක වගේ කාලෙකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතනවා පවුලකට’ යයිද ඇමතිවරයා පැවසීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *