නෑ..! නෑ..! මම ෆේල් නෑ..! මට ආරක්ෂක ලේකම් උනු එකම ගෞරව උපාධියක්..! ජනපති නන්දසේන කියයි..!

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කුරුණෑගල, ගිරිබාව (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය

“ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.”

“මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට වේදනාවක් තියෙනවා. කාදිනල් හිමිපාණන් කතා කිරීම සාධාරණයි. හිටපු රජයේ මැති ඇමතිවරු කතා කරනවා, බලයට ආවොත් මරණ දඬුවම දෙනවලු. උසාවියෙන් තමයි තීන්දු දෙන්නේ. රජයට කියන්න බැහැ එල්ලලා මරනවා කියලා. ඊළඟට, නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත්වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් වික්‍රමසිංහ ඇතුළු රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට මැලිකමක් දක්වන බවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ. හිටපු ජනාධිපතිට පවරලා බේරෙන්න හදනවා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තානේ. දැන් ඒ අය නිශ්ශබ්දයි. අපේ රජය වගකියන්න ඕනේ කියන එක පදනම් විරහිතයි. චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දඬුවම් ලබාදීම. අපේ වගකීම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මමවත් අපේ රජයවත් පාස්කු ඉරිදා විකුණලා බලයට ආවේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ පාස්කු ඉරිදට කලින්. අපි ප්‍රාදේශීය සභා ඡන්දය දින්නා. පැවති රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. යුද්ධය කළ නාවික හමුදාපති තාම දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව ගැන තැකීමක් කළේ නැහැ. සමහර පක්ෂ කළු කොඩි දානවලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ. සමහර කොමිෂන් සභා වාර්තා දකින්නත් නැහැ. මේක මාසයකට අඩු කාලයකින් එළියට ආවා. පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ප්‍රමාද කළා කියලා කියන්න බැහැ. අපිට හංගන්න අවශ්‍යතාවක් නැහැ. කිසිකෙනෙක් සන්තෝෂ කරන්න අවශ්‍ය නැහැ. ජනතාව 2/3ක බලයක් දුන්නා.”

“සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *