දැන් මේ රටේ වේගයෙන් පැතිර යමින් පවතින කොවිඞ් 19 නව වෛරස් ප‍්‍රභේදය ගැන නිවැරදි තීරණයක් ගත්තේ නැතිනම් ඉදිරි මාසය තුළ රට සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්’’ යැයි ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරිපත් කරන මේ කරුණ ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මදි බව ද හෙතෙම කීය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කීය.
මේ වෙද්දී බි‍්‍රතාන්‍යයේ ඉතා වේගයෙන් පැතිර යමින් තිබෙන කොවිඞ් 19 නව වෛරස් ප‍්‍රභේදය ලංකාවේ ප‍්‍රදේශ 4කින් වාර්තා වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය ගැන සෞඛ්‍ය බලධාරීන් අවබෝධ කරගන්න ඕනෑ. තාම ප‍්‍රමාද නැහැ. ඒ නිසා මේ මොහොතේ නිවැරදි තීරණයක් ගත්තේ නැත්නම් ඉදිරි මාසය තුළ අපි ඉතාමත් අවදානම් තත්ත්වයට තල්ලූ වෙලා සම්පූර්ණයෙන්ම රට අඩපණ වෙලා රටම කොවිඞ් 19ට නතු වෙන්න පුළුවන්. සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ බිම් මට්ටමේ තියෙන සැබෑ ස්වරූපය මත පදනම් වෙලා කඩිනම් තීරණයක් ගන්න.
සෞඛ්‍ය බලධාරීන් මේ මොහොතේ මේ ගැන සාකච්ඡුාවක නිරත වෙනවා. හොඳ බුද්ධිමත් තීන්දුවක් දුන්නා.
කොවිඞ් 19 පිළිබඳ සැබෑ තොරතුරු සෞඛ්‍ය බලධාරීන් හෙළි කළේ නැත්නම් ලබන මාසය වෙනකොට කොවිඞ් 19 වසංගතය දරුණු තත්ත්වයකට හැරෙන්න පුළුවන්.