කාන්තාවන්ට පොලීසියේ සම තැනක් බෑ..! ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව පෙත්සමක්..!

මෙරට පොලිස් ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ශානි ජාසිංහආරච්චි මහත්මියගේ පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 30 දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

මෑතකදී ලබා දුන් උසස්වීම්වලදී මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස බිම්ශානී ජාසිංහආරච්චි මහත්මිය පත් කළ නමුත් ඊට අදාල රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය ඇතුළත්ව නොමැති නිසා කිසිදු පොලිස් නිළධාරිනියකට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය නොහැකි බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් අවධාරණය කරනවා.

මෙම පත්කිරීම හේතුවෙන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ අදාල පත්කිරීම බලරහිත කරන නියෝගයක් ලබාදෙන ලෙසයි.

පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන්, නීතිපතිවරයා, නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *