කොරෝනා තිබියදී ජයවර්ධනපුර සභාවට පැමිණි මන්ත‍්‍රී නිසා මන්ත‍්‍රීන් රැසක් අමාරුවේ.!

කොරෝනා වෛරසය ආසාදන වී තිබියදී මාසික සභා වාරයට පැමිණි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා මන්ත්‍රීවරයෙකු ප‍්‍රතිකාර සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කර තිබේ.

ඔහු සමග සමීපව සිටි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම අවස්ථාවේම ස්වයං නිරෝධයට ලක් කර ඇත.

කෝට්ටේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාද මේ බව තහවුරු කළේය.

අදාළ මන්ත්‍රීවරයා පසුගිය දිනෙක පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී සිදුකර ඇති පරීක්ෂණවල දී කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *