.lk වෙබ් අඩවි කිහිපයකට හැකර් ප්‍රහාරයක් : මෙරට ගුගල් විද්‍යුත් තැපැල් සේවයත් බිඳ වැටේ

Google.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් එම google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් කරා එය යලි හරවා යැවීමක් සිදුවන බවයි පරිශීලකයින් පවසන්නේ.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා පරිශිලයින් දැනුවත් කරමින් සඳහන් කරන්නේ .lk වෙබ් අඩවි රැසකට ද මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි. 

ඇතිවී තිබෙන ගැටළුකාරී තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සහ පරිඝණක හදිසි සංසදය අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් මේ හේතුවෙන් යම් ගැටළුවකට මුහුණ දී සිටින අයවලුට ඒ සම්බන්ධයෙන් 0114216061 දුරකථන අංකයෙන් හෝ http://NIC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් වාර්තා කරන ලෙසයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *