කොල්ලුපිටියේ නිවස.. රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස්ට ඇප : විදෙස් ගමන් තහනම්..!

හිටපු  අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අය ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. ඒ අනුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ නියෝගය කරනු ලැබුවා.

ඒ රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ  සිද්ධියකට අදාළව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.

ඒ අනුව මීට අදාළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන් දෙදෙනා වෙත කොළඹ මහාධිකරණය අද දින භාර දෙනු ලැබුවා.

විත්තිකරුවන් දෙදෙනාගෙ ඇගිලි සලකුණු ලබා ගැනිමට නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කළ අතර මෙම නඩුව යළි අප්‍රේල් මස 01 වෙනිදා කැඳවීමට නියමිතය.

හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ  2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. 

අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන  අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර ඇත .

පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *