රජයේ ප්‍රබලයන්ගේ ආශිර්වාදයෙන් උතුරේ අහස පොළොව නුහුලන ඉඩම් මංකොල්ලයක්..!

පුරාවිද්‍යා නිලධාරීන්, ආරක්ෂක අංශ, කොන්ත්‍රාත් සමාගම් විසින් උතුරේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් කොල්ලකෑමේ උත්සහයක නිරතවන බව පවසමින් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නායකිව් පිරිසක් යාපනයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

යාපනය නල්ලූර් තරුණ සංස්කෘතික ශාලාවේදී පැවති මෙම සාකච්ඡාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය, දෙමළ ජනතා ජන්ධානයේ නියෝජිතයින් සහ යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී සිටියහ.

එහිදී පැවති සාකච්ඡාවට සහභාගී වූවන් කියා සිටියේ මුලතිව් කුරුදුමලෙයි ඇතුලු ප්‍රදේශයන් හා යාපනයේ නිලාවරෙයි හා කන්දරෝඩ් යන ප්‍රදේශයන්හි මේ දිනයන්හි වැඩි වශයෙන් ඉඩම් කොල්ලයන් සිදුවන අතර මේ සඳහා රජයේද යම් මැදිහත්වීමක් ඇති බවට පැවසූහ.

දෙමළ ජනතාවගේ පුරාතන ආගමික ස්ථානයන් මෙලෙසින් පුරාවිද්‍යා ස්ථාන ලෙසින් නම් කිරීමේ ක්‍රියාවලියක්ද සිදුවන අතරම පුරාවිද්‍යා නිලධාරීන්ට ඒ සඳහා ආරක්ෂක අංශවලින්ද සහය ලැබී තිබීම හේතුවෙන් දෙමළ ජනතාව දැඩි පීඩාවනට පත්ව සිටින බවටද පැවසූහ.

එමෙන්ම මේ හේතුව නිසා දෙමළ ජනතාව හා පුරාවිද්‍යා නිලධාරීන් අතර හා ආරක්ෂක අංශ කෙරෙහි දැඩි වෛරී සිතුවිල් හටගෙන ඇති බැවින් මේ පිළිබඳව අවධානය යොමු කොට උතුරේ අනවශ්‍ය පුරාවිද්‍යා කැනීම් හා ඉඩම් අත්පත් කරගැනීම් නවතා දැමීමට රජය කඩිනම් පියවරක් ගන්නා තුරු තම අරගලයන් ඉදිරියටද සිදු කරන බවට මෙම සාකච්ඡාවේදී තීරණය කොට ඇත.

සාකච්ඡාව වෙනුවෙන් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී. සිද්ධාර් තන්, සී.වී.විග්නේශ්වරන්, හිටපු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ඊ. සර් වනභවන්, සුරේස් ප්‍රේමචන්ද්‍රන්, එම්.කේ. සිවාජිලංගම් ඇතුලු පක්ෂ නියෝජිතයින් හා යාපනය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහභාගී වී සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *