පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ලබන මස සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. අප කළ විමසීමකදී එහි සභාපති එන් කේ ජයවර්ධන කියාසිටියේ සිය නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල මෙලස ඉහල නැංවීමට තීරණය කළ බවයි.