කොරෝනා තිබුණ ද නැත ද ආණ්ඩුව ගැන ජනතාව කලකිරී අවසන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම සංවිධායක හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණි තිලකසිරි මහතා සඳහන් කරයි.
පැවති ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දුන්නද ජයග්‍රහණයෙන් පසු ශ්‍රීලනිපයට සලකන්නේ ගෙදර වැඩ කාරයන්ට අන්ත ආකාරයට බවද ඔහු පැවසීය.
ශ්‍රිලනිපයට මේ ආකාරයට සැලකීම ගැන කණගාටු වන බව ද ඔහු පවසයි.
යුක්රේනය වැනි කොරෝනා ප්‍රබල ලෙස පැතිරී ඇති රටකින් සංචාරකයන් ගෙන්වීම මෙරට ජනතාව අනතුරේ හෙලීමක් බවද ඔහු පෙන්වා දෙයි.
විපක්ෂය විසින් එල්ල කරන චෝදනා වලට පිළිතුරු දීමට ආණ්ඩුව අසමත් වී ඇතැයිද ඔහු කියා සිටී.27,478 views