අධිකරණය නීතිපති අදාලම නෑ..! සිරදඩුවම් ලැබු රංජන් අද හෙටම මැතිසභයට එන හැටි මෙන්න..!

කථානායකතුමාට පමණයි රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට කැදවීමට අයිතිය තියෙන්නේ. ඒ සදහා අධිකරණයටවත්ල නීතිපති දෙපාර්තමේන්තුවටවත් මැදිහත් වෙන්න බෑ. රන්ජන් රාමනායක මහතා පිළිබද අවධානය යොමුකර එතුමා පාර්ලිමේන්තුවට කැදවන්න’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකලක්‍ෂමන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

ගරැ කථානායකතුමනිල ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නඩුවේදී ඇපල් අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වාඩි කිරීම ඔබතුමාට අයිති කාර්්‍යභාරයක්. ඒ සදහා අධිකරණයට මැදිහත් වෙන්න බෑ කිව්වා. යම් අයකු පාර්ලිමේන්තුවේ වාඩිකරවීම ඔබතුමාට අයිති වැඩක්. අධිකරණයටවත් නීතිපති දෙපාර්තමේන්තුවටවත් ඒ සදහා මැදිහත් වෙන්න බෑග අනුර බණ්ඩාරනායක මහතාගේ නඩු තීන්දුවෙදී අධිකරණය පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුවේ කටයුතුවලට කිසිම අධිකරණයකට මැදිහත් වෙන්න බෑ කියලා. ඒ වගේම චමල් රාජපක්ෂ මැතිතුමා කථානායක කාලයේදී ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ දෝෂාභියෝගය නවත්වන්න කියලා අධිකරණය තීන්දුවක් දුන්නා. නමුත් එතුමා නැවැත්වූයේ නෑග ඒ වගේම මේ කාරණයේදී ඔබතුමාටයි අයිතිය තියෙන්නේ තීරණයක් ගන්න.

ගරැ කථානායකතුමනි

ඔබතුමා ප්‍රකාශයක් සිදුකරලා තිබ්බාල නීතිපති සහ අධිකරණය කිව්වොත් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගේනවා කියලා. නමුත් ප්‍රේමලාල් ජයසේකර මහත්මයා පාර්ලිමේන්තුවට ගේන්න හදනකොට නීතිපතිතුමා ඔබතුමාට එපා කිව්වා. ඔබතුමාට එපා කිව්වට ඔබතුමා එය ගනන්ගත්තේ නෑ. එහෙම බලනකොට ඔබතුමාට පමණයි අයිතිය තියෙන්නේ . ඒ අයිතිය රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් අවධානය යොමුකරලා එතුමා පාර්ලිමේන්තුවට ගෙන්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

– මාධ්‍ය ඒකකය

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *