තිලෝගුරු බුදුහිමියන්ද කංසා ඖෂධයක් ලෙස පිළිගත්තා නම් ආණ්ඩුවට පිලිගන්න බැරි ඇයි..?

ඖෂධයක් වශයෙන් කංසා වගාව නීතිගත කල යුතු යයි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් අවධාරණය කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ කන්සා ඖෂධීය පැළෑටියක් ලෙස බුදුරජාණන් වහන්සේ ද පිළිගෙන ඇති බවයි.

එසේ නම් ආණ්ඩුවට මෙය පිළිගන්නට බැරි කුමක් නිසා දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.

මෙම ඖෂධය මගින් ලෙඩුන් සුවපත් කිරීම සඳහා ඉදිරි කාලයේ දී භාවිතා කිරීමට අපේක්ෂා කරන බව ද උන්වහන්සේ කියා සිටියහ.

දේශීය වෙද මහත්තුරුන්ට අවශ්‍ය කන්සා මේ රටේම නිෂ්පාදනය කිරීමට ඉඩ දිය යුතු බවත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් සමග පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *