ජනපති දණ නමයි..! ජිනිවා මානව හිමිකම් ‌ක‌ොමිසම නියෝග කළ පරිදි විමර්ශන කොමිසමක් පිහිටුවයි..!

පසුගිය මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසම් (UNHRC) සැසි වාරයේදී එකඟ වූ පරිදි ආණ්ඩුව විසින් මානව හිමිකම් චෝදනා පිළිබඳ පරීක්ෂා කිරීමට නව විමර්ශන කොමිසමක් පත්කර තිබේ.

මෙම කොමිසම මගින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ (LLRC) වාර්තාව, දරුස්මාන් වාර්තාව, අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ පරණගම කොමිෂන් වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි වාර්තා පිළිබඳ සොයා බැලීමට නියමිතය. මෙම විමර්ශන කොමිෂමට ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයෙකු ඇතුළු සාමාජිකයන් තිදෙනෙක් පත් කර තිබේ.

පසුගිය යුද සමය තුළ ලංකාවේ මානව හිමිකම් කඩ කිරීම සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටු ගැන යළි සලකා බැලීමට විමර්ශන කොමිසමක් පත් කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පසුගිය මාර්තු මාසයේදී ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබිණි. මෙම නව කොමිසම විසින් දරුස්මාන් වාර්තාව ඇතුළු පසුගිය වාර්තාවල තිබූ “හොඳ දේ” පිළිබඳ සලකා බලන අතර එම වාර්තාවල තිබු නිර්දේශ පසුගිය වසර 11 තුළ ක්‍රියාත්මක නොවුයේ ඇයිද යන්න සොයා බලන බවද විදේශ අමාත්‍යංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *