ඊයේ රංජා වසර 04කට ඇතුලට යද්දි අද පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්…!

පාර්ලිමේන්තුව මන්ත‍්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එල්ල වූ තිබූ මනුෂ්‍ය ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අද මඩකලපුව මහාධිකරණය නියෝග කරන ලදී.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය කෙරේ යැයි පිල්ලෙයාන් සහ තවත් සිව් දෙනෙකුට විරුද්ධව නඩු පවරා තිබිණි.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ මඩකළපු අධිකරණයට දැනුම් දී තිබුණේ එම නඩුවේ අධිචෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට අදහසක් නැති බවයි.

ඒ අනුව මහාධිකරණය විසින් අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *