අමෙරිකානු ජනපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයට රිපබ්ලිකන් සාමාජිකයින් රැසකගේ සහයත්…!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ගෙන ඒමට නියමිත දෝෂාභියෝගයට පක්‍ෂව ඡන්දය ප‍්‍රකාශ කරන බව එරට කොංග‍්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය නියෝජනය කරන රිපබ්ලිකන් සාමාජිකයන් කිහිපදෙනෙකුම මේ වනවිටත් ප‍්‍රකාශ කර තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඔවුන් සියලූ දෙනා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ ප‍්‍රබලයින් බවයි. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ගෙන එන දෝෂාභියෝගයට මේවනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති අතර කතානායක නැන්සි පෙලෝසි ඊට මූලිකත්වය ගෙන කටයුතු කරනවා.

අමෙරිකානු ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනයට අනුව තමන්ට හිමි බලතල ප‍්‍රකාරව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධූරයෙන් පහ කරන්නැයි නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය ඊයේ උප ජනාධිපති මයික් පෙන්ස් වෙත යෝජනාවක් ගෙන ආවා. ඒ එම යෝජනාව නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේදී ඡන්ද 223 ට 205 ක් ලෙස සම්මත වීමෙන් අනතුරුවයි. එහෙත් යෝජනාව ප‍්‍රතික්ෂේප කල උප ජනාධිපති මයික් පෙන්ස් පැවසුවේ තමන්ට එම යෝජනාව ක‍්‍රියාත්මක කල නොහැකි බවයි. ඒ අනුව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධුරයෙන් පහ කිරීමේ දෙවන පියවර ලෙස ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමටයි අමෙරිකානු නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලය සූදානම් වන්නේ.

දෝෂාභියෝගය සදහා නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතර ඡුන්ද හිමිවුවහොත් එය සෙන්ට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති. සෙනට් මණ්ඩලය විසින් ජනාධිපතිවරයාට එරෙහි චෝදනා විභාග කොට දෝෂාභියෝගය සදහා ජන්දයක් පවත්වන අතර එහිදී ඩොනල්ඞ් ට‍්‍රම්ප් 20 වනදා තෙක් අමෙරිකානු ජනාධිපති ධුරය දරන්නේද නැතහොත් ධුරයෙන් පහ කරන්නේද යන්න තීරණය කෙරෙනවා.
කෙසේවෙතත් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වන දෙවන දෝෂාභියෝගය මෙය වන අතර අමෙරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු දෙවතාවක් දෝෂාභියෝගයට ලක්වුනු පළමු අවස්ථාවද මෙය වනවා.

මීට පෙර ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් ඔහු ජය ලැබූ අතර ඊට හේතුවූයේ සෙන්ට් මණ්ඩලයේ බහුතර බලය පාලක රිපබ්ලිකන් පක්ෂය සතු වීමයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *