ඊයේ ලංකාවෙන් කොවිඩ් මරණ 08ක් සහ නව ආසාදිතයින් 569ක්…!

ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 569ක් සහ මරණ 08ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා.

ඊයේ දිනය වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 240ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 48,949ක්.

මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 42,091ක් සුවය ලබා ඇති අතර දැනට රෝහල් ගතව සිටින පිරිස 6,626ක්.

මෙරට දෙවන කොරෝනා රැල්ලේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 45,186ක්.

මේ අතර ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා මරණ පසුගිය දින කිහිපය තුලදී වාර්තා වූ මරණ ඇතුලත් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මියගිය පුද්ගලයින්ගේ විස්තර :

ජනවාරි මස 06 චෙනිදා වැලිකඩ බන්ධනාගාරයේ සිටි 52 හැවිරිදි පිරිමි රැඳවියෙකු.

ජනවාරි මස 07 වෙනිදා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 61ක් හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ජනවාරි මස 08 වෙනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.

ජනවාරි මස 10 වෙනිදා කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 7 හැවිරිදි කාන්තාවක් සහ දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මිට අමතරව අද දින කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *