අවිධිමත්ව යුක්රේන හිපියෝ එපා..! PHIවරුන් රාජකාරීවලින් ඉවත්වීමේ සූදානමක්..!

ගුවන් තොටුපල සාමාන්‍ය පරිදි විවෘත කිරීමට අදාල නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා. එහි උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ මේ වන විට ක‍්‍රියාත්මක සංචාරක නියමු ව්‍යාපෘතියට අදාළ මාර්ගෝපදේශ වලට අමතරව තවත් කරුණු නව නිර්දේශ වලට ඇතුලත් කර ඇති බවයි.

එලෙස වෙන් කරුණු කාණ්ඩ 04ට අදාල වන පරිදි වෙන් වෙන් වශයෙන් මාර්ගෝපදේශ සකස් කරනු ඇති බවයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

කෙසේවෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ නියමු ව්‍යාපෘතියේදී ලබාදුන් මාර්ගෝපදේශ පවා උල්ලංඝණය වු අවස්ථා දක්නට ලැබුණු බවයි. එබැවින් නිවැරදි ක‍්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් සංචාරකයින් ගෙන්වීමෙන් සිදුවන්නේ රටේ ජනතාව අනතුරේ හෙළීමක් බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවා.

මෙම තත්ත්වයට දිගින් දිගටම පැවතියහොත් රාජකාරීවලින් ඉවත්වීමට සිය සංගමය තීරණයක් ගෙන ඇති බවද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

කෙසේවෙතත්, සංචාරක අමාත්‍යංශය පැවසුවේ මේ වන විට ක‍්‍රියාත්මක යුක්රේන සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය ද කිසිසේත් නතර නොකරන බවයි. යුක්රේනයෙන් හෝ ලෝකයේ  ඕනෑම රටකින් මෙරටට සංචාරකයින් ගෙන්වීම නතර කරන්නේ කොවිඞ් කමිටුවේ හා සෞඛ්‍ය බලධාරීන්ගේ තීරණ මත පමණක් බවද සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවා.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *