ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 618කි.
ඔවුන් සමඟ මෙරට වාර්තා වන මුළු ආසාදිත ප‍්‍රමාණය 36677 කි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බව සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර මධ්‍යස්තානයකට ඇතුළු කර සුව වීමෙන් පසු නිවෙසට පැමිණ සිටි අයෙකු මියගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ගාල්ල තලාපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා වෛරසය සුව වී නිවසට පැමිණීමෙන් පසු තවදුරටත් නිවසේ නිරෝධායනයට ලක් වෙමින් සිටි අයෙකු බවයි.
මෙම පුද්ගලයාගේ දේහයට කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ