රිය අනතුරු මැඩලන්න අද සිට දීපව්‍යාප්ත පොලිස් මෙහෙයුමක්…!

අද සිට දිවයිනටම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රිය අනතුරු අවම කිරීම මෙහි ප‍්‍රධාන අරමුණ වන බවයි.

මේ වන විට රට තුල සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඉහල ගොස් ඇති බවයි ඉකුත් දින වල සිදු කල දත්ත අධ්‍යයනයකදී හෙලි වී ඇත්තේ. කොරෝනා සමයේ රිය අනතුරු අවම මට්ටමක තිබුණ ද හුදෙකලා කිරීම් ඇතුළු සංචරණයට පනවා තිබූ සීමා ලිහිල් කිරීමත් සමග යළි රිය අනතුරු වැඩි වී ඇති බව එහිදී අනාවරණය වී තිබේ. 

ඒ අනුව, මෙම සියළු දත්ත සැලකිල්ලට ගනිමින් අද සිට විශේෂ රථවාහන මෙහෙයුම් අරඹන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *