පොලිස් වෙඩි පහරින් මියගිය ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ හැරල්ඩ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලාන රොහා නැමැත්තාගේ සමීපතම ගෝලයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු මහා වස්කඩුව නිවාඩු නිකේතනයක දී ඊයේ (18)
රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
සැකකටයුතු පිරිසක් එම නිවාඩු නිකේතනය තුළ රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරියකු පැවැසීය .
අත්අඩංගුවට ගත් එම පුද්ගලයන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර-උතුරු පොලිසිය වෙත බාර දී ඇත