කලකම් පළදෙයි..! ජවිපෙ මධ්‍යම කාරක සභිකයා අසරණ වන සතුන්ට හදිකරන්න තමන්ම ඇද්ද නීති විරෝධී විදුලි රැහැනේ වැදී මිය යයි..!

ජනාතා විමුක්ති පෙරමුණ නියෝජනය කල හිටපු මද්‍යම පළාත් සභා මන්ත්‍රී හා 2023 ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස නුවරඑළිය ප්‍රාදේශීය සභාවට තරග වැදීමට නාමයෝජනා ලබා දී සිටි ප්‍රාදේශීය සභා කන්ඩායම් නායක හා ජානතා විමුක්ති පෙරමුණේ විධායක කමිටු සාමාජික මයිකල් ඇකියුලස් ද සිල්වා මහතා වගා ආරක්ෂාව සදහා දමා තිබු කම්බියෙබ් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ශාන්තිපුර පදිංචි මොහු වගාවන්වලට හානි සිදු කරන සතුන් වගාවට ඇතුල් නොවීමට ඔහු විසින්ම සවි කල විදුලි වැටට අත් පැටලීමෙන් විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බව මූලික පරීක්ෂකනවලින් අනාවරණය වූ බව නුවරඑළිය පොලිසිය සදහන් කරයි.

තවද මෙය විදුලි පරිපාලන පුවරුවේ සිට වයරයක අධාරයෙන්  කම්බි වෙත සෘජුවම සම්බන්ධ කෙරුණු විදුලි රැහැනක් බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයාගේ වගා භූමියේ සේවය කරන සුගත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ 02 උදෑසන සිට මයිකල් හැකුයුලස් මහතාගේ නිවසේ දොර ඇරී තිබියදී ඔහුගේ දුරකථනය නාද වන නමුත් පිළිතුරු නොදක්වන පසුබිමක ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගේ සහයෝගයත් සමග වගා භූමිය තුළ සොයා බැලීමේදී (02) පස්වරු 7.00 ට පමණ වගා භූමියේ බිම ඇද වැටී මිය ගොස් ඇති බව සොයාගත් බවයි.

මේ පිළිබඳව නුවරඑළිය පොලිසියට දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසිය සිද්ධිය ස්ථානයට පැමිණ විදුලි සැර වැදුන අදාල විදුලි රැහැන් විසන්ධි කොට ඇත.

මෙසේ විදුලි සැර වැදී ඇත්තේ පෙරේදා 02 දිනඋදෑසන කාලයේ වන බව අනුමාන කරන බවද එසේ අනුමාන කරන්නේ වගාවෙන් ලබා ගත් ස්ටෝබෙරි පලදාව විදුලි සැර වැදී මිය ගිය ස්තානයේම් තිබුන බැවින් බවද නුවරඑළිය පොලිසිය වැඩිදුරටත් කරුණු අනාවරණය කරයි.

වැඩිදුර අදහස් දැක්වූ මිය ගිය පුද්ගල වගා බිමේ සේවක මහතා සඳහන් කර සිටියේ අල වගාවට මීයන්ගෙන් හා ඌරන්ගෙන් ඇතිවන වගා හානි හා උවදුරු වැළැක්වීම සඳහා මෙලෙස අගල් දෙකත් තුනත් අතර උසකින් වගාව වටා විදුලි රැහැන් සම්බන්ධ කිරීමට කටයුතු කර තිබූ බවයි.

02 දින මධ්‍යහන 12.30ට පමණ නුවරඑළිය දිසා අධිකරණය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව හෙට (04) දින පවුලේ ඥාතින් වෙත දේහය භාර දීමට නියමිත අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව සමග එලබෙන නොවම්බර් මස 13 දින සිද්දිය සම්භන්ද නඩුව නුවරඑළිය අධිකරණයේ කැදවීමට නියමිතය .

– ආර්.එෆ්.එම්.සුහෙල්

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *