විදේශ ඇමති ලන්ඩන් යයි

පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙල අද (13) ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වීමට නියමිතව තිබේ.

ඊට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහභාගි වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.

පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් , ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි සමඟ ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *