ජනප්‍රිය රැප් ගායකයෙක්ව ඝාතනය කෙරේ

දකුණු අප්‍රිකානු ජනප්‍රිය රැප් ගායකයෙක්ව වෙඩිතබා ඝාතනය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

එරට AKA ලෙස ප්‍රකට කියර්නන් ෆෝබ්ස් සිය මිතුරෙක් සමග භෝජනාගාරයක සිට යමින් සිටින විට පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් ඔවුන්ට වෙඩිතබා තිබුණි.

ඉන් ගායකයා සහ ඔහුගේ මිතුරා මියගොස් ඇති බව පොලීසිය පවසයි.

දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *