ජනපති රනිල්ගේ නායකත්වයට මූන්ගේ විශ්වාසය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී මෙන්ම තිරසර සංවර්ධන අරමුණු ජය ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද බෑන් කී මූන් මහතා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග” පිළිබඳ විශේෂ සාකච්ඡාවට එක්වෙමින් බෑන් කී මූන් මහතා මේ බව සඳහන් කළ බවය.

එම සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති  සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ‍, මීට වසර හය හමාරකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය සහ අද පවතින තත්ත්වය අතර ආර්ථික, දේශපාලන හා සමාජයීය විශාල වෙනසක් පවතින බවය.

මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) බෑන් කී මූන් මහතා හමුවී සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබේ.

එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින් පවසයි.

තිරසර සංවර්ධන ඉලක්ක අය වැයකරණයට එක් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *