ජී. එල්. පීරිස් ඇතුළු පිරිස පොහොට්ටුවෙන් දොට්ට..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඇතුළු පක්‍ෂය හැර ගිය සියලු දෙනා පක්‍ෂයෙන් ඉවත් කරන බවත් ඒ සඳහා නීතිමය කටයුතු කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (2) පැවසීය.

සභාපති ජී. එල්. පීරිස් මහතා පක්‍ෂය හැරදා ගිය ද කිසිඳු අඩුවක් වී නොමැති බව කී සාගර කාරියවසම් මහතා එවැනි අඩුවක් නොපෙණෙන බව ද සඳහන් කළේය.

එම පෙරමුණ හැරදාගිය පිරිසක් නිර්මාණය කළ ‘හෙලිකොප්ටරය’ ලකුණ සහිත කණ්ඩායම නෙළුම් මාවත හෝ මැඳමුලනට කඩාවැටේ යැයි විශ්වාස කරන බව ද කාරියවසම් මහතා වැඩි දුරටත් සදඟන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සංවිධාන කටයුතු පිළිබඳව නෙළුම් මාවත එම පක්‍ෂ කාර්යාලයේදී අද (2) පැවැති සාකච්ඡාවකින් පසුව නීතිඥා සාගර කාරියවසම් මහතා එසේ පැවසීය.  

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *