යූරියා ගන්න බිලියන 10ක් වෙන් කරයි..!

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීමට රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් තිබෙන බවත් ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා මෙම රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කළේය.

යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිගු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *