කොළඹ උද්ධමනය තවදුරටත් පහළට..!

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 57.2හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 54.2 දක්වා පහළ ගියේය.

2022 සැප්තැම්බර් මාසයෙන් පසු කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය අඛණ්ඩව පහළ ගිය සිව්වැනි මාසය මෙයයි.

එම ප්‍රවණතාවම අනුගමනය කරමින්, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 64.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 60.1 දක්වා පහළ ගියේය.

මේ අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 දෙසැම්බර් මාසයේ පැවති සියයට 53.4හි සිට 2023 ජනවාරි මාසයේ දී සියයට 51.0 දක්වා පහළ ගියේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *