කොළඹ රියදුරන් ට පොලීසියෙන් හදිසි දැනුම්දීමක්..!

75 වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන් සඳහා පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කියාසිටියේ,  නිදහස් දින පෙරහුරු සහ නිදහස් දිනය දා රියදුරන් ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

ඒ සම්බන්ධයෙන්  වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා,

“විශේෂයෙන් ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනේ, මෙම කාලසීමාව තුළ විශේෂයෙන්ම පෙරහුරු පැවැත්වෙන පළවෙනි දින, දෙවන දින සහ තුන්වන දින උදෑසන කාලසීමාවත්, ඒ ව‌ගේම 4 වන දින මේ උත්සවය පැවැත්වෙන කාලසීමාවෙත් විකල්ප මාර්ග භාවිත කරන්න. මේ මාර්ගම භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්, පැදිකරුවන් විකල්ප මාර්ග භාවිත කරන්න කියලා කියන ඉල්ලීම තමයි අපි සිදුකරන්නේ. ඔබට බාධාවකින් තොරව ගමන් කිරීම හැකියාව තියෙනවා. කොළඹ නගරය පුරාම අවශ්‍ය රථ වාහන නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. ඒ නිසා රථවාහන තදබදයක් ඇති නොවී ඔබට ගමන් කිරීමේ හැකියාවක් ති‌බෙනවා. තමන්ගේ ගමනාන්තය සම්පූර්ණ කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන්න කියන ඉල්ලීම කරනවා.”

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *