ජනක රත්නායක පන්නන්න සියල්ල සූදානම්..!

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ඔහු සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් මේ වන වනවිට සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (29) පැවසීය.



ජනක රත්නායක ඉවත් කිරීමට ක්‍රම කීපයක් ඇති බවත් ඉන් වඩාත් සුදුසුම ක්‍රමවේදය යොදා ගන්නා බවත් අමාත්‍යවරයා කීය. මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව යෝජනාව පාර්ලිමේන්තුව රැස්වන මීළඟ පළමු දිනයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එයට සහය දැක්වීමට සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනක රත්නායක ට එම ධුරයේ කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බව කී අමාත්‍යවරයා ඔහුට රාජ්‍ය ආයතනයක කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට පාර්ලිමේන්තු කාරක සභාවකින් ද දැනුම් දී ඇති බව ද සඳහන් කළේය.

ජනක රත්නායක කොමර්ෂල් බැංකුවේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ අවස්ථාවකදී ඔහු ට ඒ සඳහා සුදුසුකම් නොමැති බවට මහ බැංකුව නිර්දේශ කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *