පාකිස්තාන ජාතික විදුලිබල පද්ධතියේ විශාල බිඳවැටීමක් හේතුවෙන් අද අලුයම රට පුරා විදුලිය විසන්ධි වූ බව ෆෙඩරල් බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.
තොරතුරු වලට අනුව, අද පෙරවරු 7:34ට (දේශිය වේලාවෙන්) පමන ජාතික විදුලිබල පද්ධතියේ විශාල බිද වැටීමක් සිදුවු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කරච්චි, ඉස්ලාමාබාද්, ලාහොර් සහ පේෂාවර් ඇතුළු සියලුම ප්‍රධාන නගරවල විදුලි සැපයුම එලෙස බිඳ වැටී ඇත.
විදුලිබල පද්ධතිය නැවත පණ ගැන්වීම සඳහා කඩිනම් වැඩකටයුතු සිදුවෙමින් පවතින බව ෆෙඩරල් බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
උදෑසන විදුලිබල පද්ධති ක්‍රියාත්මක කරන විට ජම්ෂෝරෝ සහ ඩඩු නගර අතර සංඛ්‍යාත විචලනයක් රටේ දකුණු ප්‍රදේශයේ වාර්තා වූ බව විදුලිබල අමාත්‍ය කුරුම් දස්තගීර් සදහන් කරයි.
-අනුරාධ වාසල