පාසල් අධ්‍යාපන චාරිකා සම්බන්ධයෙන් විශේෂ තීරණයක්.!

අධ්‍යාපන චාරිකා සඳහා පාසල් සිසුන් රැගෙන යා හැකි දුර ප්‍රමාණය සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව දිනකට පාසල් සිසුන් රැගෙන යා හැකි උපරිම දුර ප්‍රමාණය කිලෝ මීටර් 100කට සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ අවධානය යොමු වී ඇත.

අධ්‍යාපන චාරිකා සඳහා රැගෙන යන සිසුන් පස්වරු 6.00ට පෙර යළිත් අදාළ පාසලට රැගෙන ආ යුතු බවත් චාරිකා සඳහා තෝරාගන්නා ප්‍රදේශ පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍යංශය සියලුම පාසල් හා අධ්‍යාපන බලධාරීන් වෙත නව චක්‍රලේඛයක් කඩිනමින් නිකුත් කිරීමටද සුදානම් බවද වාර්තා වේ.

මෙම නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත්තේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථය අනතුරට ලක්වීම හේතුවෙන්ය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *