ශ්‍රී ලංකා පාපන්දු මුල් පුටුව අසාධාරණයට ලක් වෙයි…!

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට අති විශාල සේවයක් සිදු කරන ජස්වර් උමාර් මහතාට අසාධාරණයක්…

2022.01.14 දහවල් පැවති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහය හිටපු මන්ත්‍රීවරයකු වන ශ්‍රී රංගා වෙත ලබාදී ඇති බව පැවසේ.

ඔහුගේ ප්‍රතිවාදියා වූ හිටපු සභාපති ජස්වර් උමාර්ට තරඟයට ඉදිරිපත්වීමේ අවස්ථාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවසන් මොහොතේදී අහිමිකර තිබේ.

මෙසේ අවසන් මොහොතේදී කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව රොෂාන් රණසිංහ නිලවරණ කමිටුවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් හරහා මෙසේ බලපෑම් කර ජස්වර් උමාර් නිලවරණයෙන් ඉවත් කොට ඇත.

ඉන්.අනතුරුව ජේ.ශ්‍රී රංගා ජයග්‍රහණය කරවීමට ප්‍රචාරක කටයුතු එලිපිටම සිදු කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමට පැමිණී ජේ ශ්‍රී රංගාව පාපන්දු සභාපති පුටුවේ වාඩි කරවීම ගැන ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් දැඩි දෝෂාරෝපණක් රොෂාන් රණසිංහ වෙත එල්ල වී ඇත.

තරඟයෙන් ඉවත්කළ හිටපු සභාපති ජස්වර් උමාර් පැවසුයේ තමාට එරෙහිව අමාත්‍යවරයා සහ පාපන්දු මාෆියාව විසින් සිදුකළ පලිගැනීමට එරෙහිව සඳුදා දිනයේ ( අද ) අධිකරණය වෙත යන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *