විදේශ රැකියාවකට අයදුම් කිරීම සඳහා ඒජන්සි ආයතනයක් වෙත විදේශ ගමන් බලපත්‍රය සහ මුදල් ලබාදීමට පෙර අදාල ඒජන්සිය ආයතනය නීත්‍යානුකූල ආයතනයක් බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තහවුරු කර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය වන 1989 ඇමතීමෙන් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස හෝ අදාල ඒජන්සිය ආයතනය නීත්‍යානුකූල එකක් බවට තහවුරු කර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.