මහ බැංකුව පොලී අනුපාත වලට කරපු දේ..!

රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (23) පැවති රැස්වීමේ දී මේ බව තීරණය කර ඇති අතර ඒ අනුව නිත්‍ය තැන්පතු සහ ණය පහසුකම් අනුපාතිකය වෙනසක් නොකරන බව මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 14.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 15.50% යන වත්මන් මට්ටම්වල පවත්වාගෙන යාමට මහබැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩනයක් පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගැනීම අවශ්‍ය වන අතර, උද්ධමන අපේක්ෂාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වන අතර එමඟින් උද්ධමනය ඉලක්කගත මට්ටමට වඩා සියයට 4-6 දක්වා ගෙන යාමට හැකි වෙතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *