ලාෆ්ස් ගෑස් බංග්ලාදේශයෙන් නික්මෙයි

ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 69% ක්වූ සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී කටයුතු කර තිබේ. පසුගිය 15 වැනිදා මෙම කොටස් අලෙවිය සිදුකළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අනුව ලාෆ්ස් ගෑස් පීඑල්සී සතුව පැවති ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි සාමාන්‍ය කොටස් 2,645,203 ක් ඩොලර් මිලියන 16,146,000 ක වටිනාකමකට අලෙවි කර ඇත.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ තවත් අනුබද්ධ සමාගමක් වූ ඩුබායි හි ලියාපදිංචි Slogal Energy DMCC සතුව පැවති ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි 31% ක කොටස් හිමිකාරීත්වය ද, එනම් කොටස් 1,188,352 ක් එදිනම ඩොලර් 7,254,000 කට අලෙවි කරනු ලැබූ බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සමූහ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වැඩිදුරටත් දැනුම් දී සිටී.

මේ හරහා ලැබෙන මුදල් සමූහයේ ණය කළඹ අඩුකර ගැනීම සඳහා භාවිත කිරීමට නියමිත බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *