බාහුගේ පක්ෂයට කොළඹ නාගරික මන්ත්‍රී පදවියක්

දේශපාලන සිරකරුවන්ට මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ලක්වුවන්ට යුක්තිය ඉටු කරවා ගැනීම සදහා

දීර්ඝ කාලීන අරගලයක යෙදී සිටින දකුණේ දෙමළ මානව හිමිකම් ක්‍රියාධරයෙක් නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.

පසුගියදා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුන්දරම් මහේන්ද්‍රන් එම පක්ෂයට අනුබද්ධව ක්‍රියාත්මක වන ‘අතුරුදහන් වූවන් පිළිබද සොයා බැලීමේ  කමිටුවේ’ කැදවුම්කරු ලෙසද ක්‍රියා කරයි.

2018 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රධාන ලේකම්ධුරය දරන නව සම සමාජ පක්ෂය කොළඹ මහ නගර සභාව සදහා යහපාලනය සදහා වු ජාතික පෙරමුණ යටතේ තරග කළ අතර එහිදී එම පෙරමුණට එක් සභික ධුරයක් හිමිවිය.

එම සභිකධුරය බෙදා ගැනීම සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර ඇති වු එකග තාවය හා නව සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව සුන්දරම් මහේන්ද්‍රන් පසුගියදා කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දී තිබේ.

2018 වසරේ පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේදී නව සම සමාජ පක්ෂය හා සන්ධානගතව තරග කළ යහපාලනය සදහා වු ජාතික පෙරමුණ රට පුරා සභික ධුර 18 ක් ජයග්‍රහනය කිරීමට සමත්විය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *