ගුවනින් බීජ හෙලිමේ ව්‍යාපෘතියේ හත්වන අදියර සාර්ථකයි..!

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කි‍්‍රයාත්මක කරන ගුවනින් බීජ හෙලීමේ ව්‍යාපෘතියේ 07වන අදියර පසුගියදා සාර්ථකව සිදු කළේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මකය.

ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයක් වන 2030 වසර වන විට හරිත ආවරණය 27% සිට 32% දක්වා වර්ධනය කිරීමේ අරමුණින්, දේශයේ අනාගත පරම්පරාව වෙනුවෙන් හරිත අනාගතයක් උදාකරලීම උදෙසා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙය කි‍්‍රයාත්මක කරනු ලබයි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර මුලික කරගනිමින් ගුවන් හමුදා අංක 04 ප‍්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මගින් අවස්ථා විස්සකදී සියඹලාආණ්ඩුව ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වත්තේගම කැබිලිත්ත වන රක්ෂිතයේ අක්කර 80 ක පමණ භූමි ප‍්‍රදේශයක් ආවරණය වන පරිදි ඇහැළ, මී, කරද, මයිල, සියඹලා, කුඹුක්, කෝන්, මදටිය, කොහොඔ ආදී ශාක බීජ 100,000 ක ප‍්‍රමාණයක් තෝරාගත් එම භූමි ප‍්‍රදේශය වෙත ගුවනින් හෙලීම සිදුකර ඇත.

මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාර්ගෝපදේශකත්වය යටතේ කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය විසින් ක‍්‍රියාත්මක කරයි.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *