බ්‍රසීල ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහනය කර තිබේ. වත්මන් ජනාධිපති ජාර් බොල්සනාරෝ පරාජයට පත් ව ඇත.
ලූලා ද සිල්වා සියයට 50 යි දශම 8 ක මනාප ප්‍රතිශතයක් ලබා ගත් අතර, ජාර් බොල්සනාරෝට ලබා ගත හැකි වූයේ සියයට 49 යි දශම 2 ක් පමණි.
2003 වසරේ සිට 2010 වසර දක්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරය දැරූ ලූලා ද සිල්වා බ්‍රසීලය සංවර්ධනය කිරීමට ඉමහත් දායකත්වයක් දැක් වූ නායකයෙකි.
මෙම ජයග්‍රහණයත් සමග බ්‍රසීලයේ කාලයක සිට පැවති දක්ෂිණාංශ ආණ්ඩුව පරාජයට පත්වී තිබේ. වත්මන් ජනාධිපති ජාර් බොල්සනාරෝ හට චෝදනා රැසක් එල්ල වන අතර, කොවිඩ් අර්බුදය නිසි ආකාරයෙන් පාලනය නොකිරීම සහ ඇමසන් වනය විනාශ කිරීමට අනුබල දීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.