තිරිඟු පිටි ආනයනයට ලැබෙන සහනය

අද දින සිට දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා මෙරටට තිරිඟු පිටි ආනයනයට අවස්ථාව ලබාදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් අතර අද (28) පැවැති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කෙරුණි.

එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩු මිලට ලබාදීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වුණි.

මෙහිදී, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්හි මිල ගණන් පහළ දැමීම සඳහාත්, තිරිඟු පිටි මිල පාලනය කිරීම සඳහාත් අවධානය යොමුවී තිබේ. 

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *