ගාලු දිස්ත්‍රික්කයට රු. මිලියන 1046ක සමාජ ආරක්ෂණ දැලක්..!

ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන ‘සෙනෙහස සමාජ ආරක්ෂණ’ වැඩපිළිවෙළ සඳහා රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ පූර්ණ සහයෝගය පළවේ.

ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ කමිටුව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවති අතර, එහි මූලික අරමුණ වූයේ, ගාල්ල දිස්ත්‍රික්කයේ සමාජ, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් වැදගත් කාර්යය භාරයක් ඉටු කරන රාජ්‍ය නොවන සංවිධාන 50ට අධික ප්‍රමාණයක සහය ‘සෙනෙහස’ වැඩසටහන සදහා ලබා ගැනීමයි.

රුපියල් මිලියන 1046ක් වටිනා වැඩසටහන්:

මෙම වසර සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන රුපියල් මිලියන 1046ක් වටිනා වැඩසටහන් නියමිත දිශානතියකට රජයේ නිල තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරල සහය රාජ්‍ය නොවන සංවිධාන වලට ලබාදීමට එකඟ වූ අතර මානා සුපරීක්ෂණයක් තුළින් ප්‍රතිලාභීන් හඳුනාගැනීමත් ප්‍රතිලාභ ලැබිය යුතු කිසිවෙකුත් මග නොහැර සමාජ ආරක්ෂණ දැල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මෙම අවස්ථාවට එක් වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ‘සෙනෙහස’ වැඩසටහන යටතේ රාජ්‍ය නොවන සංවිධාන මගින් අඩු ආදායම්ලාභීන් බල ගැන්වීමට මේ වන තෙක් විශාල සවියක් ලබා දී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ 12935ක් වන අඩු ආදායම්ලාභී වැඩි අවදානමක් සහිත කණ්ඩායම හඳුනා ගෙන ඒ අයගේ ආහාර සුරක්ෂිතතාව, පෝෂණය, අධ්‍යාපන සංවර්ධනය සඳහා ඉදිරියේදී ප්‍රාදේශීය ආර්ථික පුනර්ජීවන කමිටු සමග සම්බන්ධ වෙමින් ප්‍රධාන සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කරන බවත් ගාලු දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. එම සැලස්ම සඳහා රාජ්‍ය නොවන සංවිධාන තම පූර්ණ එකඟතාව පළ කරන ලදී.

”අවදානම හඳුනාගෙන ඉක්මණින් ක්‍රියාත්මක වීම වැදගත්”

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමල ගුණරත්න පැවසුවේ, තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනිම සඳහා රට තුළ දැනට පවතින ආර්ථික, සමාජ අර්බුදය දැක අවදානම හඳුනාගෙන ඉක්මණින් ක්‍රියාත්මක වීම වැදගත් බවයි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු ‘සෙනහස’ ක්‍රියාදාමය ඉතා වැදගත් බවත්, ගාල්ල දිස්ත්‍රික්කයේ ‘සෙනහස’ සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන ඒ අනුව ඉදිරි දැක්මක් සහිත වැඩසටහනක් වශයෙන් ප්‍රශංසනීය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් චාමි රාජකරුණා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )අයේෂා කාරියවසම් , දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සමන් ජයසේකර , දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාල නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Click to enlarge image IMG-20221027-WA0020.jpgClick to enlarge image IMG-20221027-WA0022.jpgClick to enlarge image IMG-20221027-WA0023.jpgClick to enlarge image IMG-20221027-WA0024.jpgClick to enlarge image IMG-20221027-WA0025.jpgClick to enlarge image IMG-20221027-WA0026.jpgClick to enlarge image IMG-20221027-WA0027.jpgClick to enlarge image IMG-20221027-WA0028.jpgClick to enlarge image IMG-20221027-WA0029.jpg

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *