ආසියාව සඳහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Robert Kaproth දිවයිනට පැමිණ තිබේ.
මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සදහා වන ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ බවය.
එහිදී මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ ආර්ථික විශේෂඥයින් සමඟ ද ආසියාව සදහා වන එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් Robert Kaproth සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.