එජාප වතු වෘත්තිය සමිති තනතුරු පුටු මාරු පුවතේ ඇත්තම කතාව..!

වර්තමාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඉවත්වී ගම්පහ දිස්ත්‍රික්කය තෝරා ගැනීමත් සමග තවදුරටත් වතු ක්ෂෙත්‍රයට සක්‍රියව මැදිහත්විම ප්‍රායෝගික නොවන නිසා ඒ සදහා වඩාත් සුදුසු ක්ෂෙත්‍රය පිලිබදව අත්දැකීම් සහිත අයෙකුට මෙම තනතුර ලබා දීමට එ.ජාපය තීරණය කර ඇත.

ඒ අනුව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස සාගල රත්නායක පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය තීරණය කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නායක, ජනපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ මණ්ඩලයේ දී මෙම තිරණය ගෙන තිබේ.

ජාතික වතු කම්කරු සංගමයේ සභාපති ලෙස කටයුතු කරනු ලබන සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළමනාකරණ මණ්ඩල හමුවට සහභාගී වී ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් එම තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවය.

නව සභාපතිවරයෙකු පත් කරන ලෙස කළ දැනුම් දීමට අනුව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක පත් කිරීමට එහිදී තීරණය වී තිබේ. ලබන සතියේදි හරීන් ප්‍රනාන්දු තනතුරින් ඉල්ලා අස්වීමෙන් පසුව සාගල රත්නායක මෙම තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ පැරණි වෘත්තීය සමිතිවලින් එකකි.

ගාමිනි දිසානායක මහතා ගෙන් පසු මෙම වගකීම වතු ක්ෂෙත්‍ර‍ය පිළිබදව අත්දැකීම් ඇති අයෙකු වෙත යාම පිලිබද ක්ෂෙත්‍රයේ බොහෝ දෙනෙකුගේ සතුට පලවී ඇත.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *