ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ.
ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබාදුන් උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප‘ ය කළ විමසුමකදී ආචාර්ය සුසිල් මහතා සඳහන් කළේ බිල්පත් නොගෙවීම හේතුකොට ගෙන කිසිඳු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන බවය.
පාසල්වල ජලබිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස්කරන බවද ඇමැතිවරයා කීවේය.
ජල බිල්පත් නොගෙවා ඇති පාසල්වල ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය මීට ඉහත තීරණයක් ගෙන තිබිණ.