ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතියක්..!

වෙන්නප්පුව මහජන පුස්තකාලය ඩිජිටල්කරණය කෙරේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය(ICTA) හා ශ්‍රී ලංකා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මෙම ඩිජිටල් පුස්තකාල ව්‍යාපෘතිය ක්‍රියාත්මකවේ. ඒ අනුව දිවයිනේ උතුරු නැගෙනහිර ඇතුළු සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ජාතික පුස්තකාලය ඇතුළු මහජන පුස්තකාල 25 ක් ආදර්ශ ඩිජිටල් පුස්තකාල ලෙස සංවර්ධනය කෙරේ.

මේ වසරේ ජාතික කියවීමේ මාසය ආරම්භ කරමින් පසුගියදා වෙන්නප්පුව කිරිමැටියාන ඩිජිටල් පුස්තකාලය ජනගත කිරීම පසුගියදා සිදුවිය.

නවීන ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වාදීම මගින් ජාතික පුස්තකාල ජාලගත කෙරේ. මෙම පුස්තකාලවල සියලුම ග්‍රන්ථ සුචි තොරතුරු පද්ධතියකට එක්කිරීම තුළින් මහජනතාවට අවශ්‍ය පරිශීලක පොත් පිළිබද තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීක්‍ෂා කිරීමේ හැකියාව ලැබේ. ඉදිරියේ දී අවශ්‍ය පොත් කල්තියා වෙන්කරගැනීමට ද පහසුකම් එක්වනු ඇත. මේ සදහා ලෝකයේ වඩාත් ප්‍රචලිත කොහා KOHA විවෘත මෘදුකාංග පද්ධතිය භාවිතා කර ඇත.

පුරවැසියන්ට විද්‍යුත් තොරතුරු, විද්‍යුත් පොත් සහ අධ්‍යාපනික පරිශීලන සඳහා පහසු ප්‍රවේශයන් මෙමගින් ලබාගතහකිවනු ඇත. ළමයින් ගේ නිර්මානාත්මක හැකියාවන් වර්ධනය කර ගැනීම සදහා ඩිජිටල් අධ්‍යාපනික මෙවලම් භාවිතය හුරුකිරෙමේ වෙනම ඒකකයක්ද මෙම පුස්තකාල පද්ධතියට ඇතුලත්ව තිබේ. අවශ්‍ය ලේඛන ස්කෑන් කිරීම, මුද්‍රණය කිරීම සහ ඡායා පිටපත් කිරීම වැනි සේවාවන් ද පාඨකයන්ට මෙම ඩිජිටල් පුස්තකාලයෙන් ලබාගත හැකියි. ඒකාබද්ධ පුස්තකාල කළමනාකරණ පද්ධතිය මගින් අන්කුත් පුස්තකාල හා සම්බන්ධ වීමටද හැකි අතර පුස්තකාල කාර්යමණ්ඩලයට ද සිය සේවාවන් පහසුවෙන් හා කාර්යක්ෂමව පවත්වාගන යාමට හැකිවේ.

මේ වස්තාවට එක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනහි (ICTA) ප්‍රධාන ඩිජිටල් රාජ්‍ය නිලධාරි කාංචන තුඩුගල මහතා ප්‍රකාශ කළේ, “ජාතික ඩිජිටල් රාජ්‍ය පරිවර්තන උපාය මාර්ගයේ අරමුණ වන්නේ පුරවැසියන්ට පහසු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීම සදහා තාක්ෂණ පාදක විසදුම් ලබාදීමයි. මෙම ඩිජිටල් පුස්තකාල වැඩසටහන එම මුල පිරීම් අතරින් එකකි . මෙය ක්‍රියාවට නැගීමට අප හා සහයෝගයෙන් කටයුතුකරන පුස්තකාල සේවා මණ්ඩලයේ සේවය අප අගය කලයුතුයි.මෙවැනි ඩිජිටල් සේවාවන් රැසක් රාජ්‍ය අංශයේ මේවනවිට ක්‍රියාත්මක බවත් ඒ සියල්ලෙන්ම බලපොරෝතුවන්නේ කාර්යක්ෂම සහ විනිවිධ භාවයෙන් යුතු මහජන සේවාවක් ලබාදීමයි.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් නිලධාරි කාංචන තුඩුගල ,ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න ,අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් සුනිල් ,වෙන්නප්පුව ප්‍රාදේශීය සභා සභාපති සුසන්ත පෙරේරා ප්‍රජා සංවර්ධන කමිටු සභාපති කිත්සිරි අභයවික්‍රම ,ඇතුළු නියෝජිත පිරිසක් මෙම වස්තාවට එක්වුහ.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *