සුප්‍රකට හැරී පොටර් චිත්‍රපට මාලාවේ ‘හැග්රිඩ්’ගේ චරිතයට පණදුන් රොබී කෝල්ට්‍රනේ සිය දිවි ගමනට සමුදී ඇත.
කෝල්ට්‍රනේගේ නියෝජිතයෙකු විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම අභාවය පිළිබඳ මාධ්‍යයට දැනුම් දුන් බව විදෙස් මාධ්‍ය පවසයි. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කෝල්ට්‍රනේ ස්කොට්ලන්තයේ රෝහලකදී මියගොස් ඇති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මිය යන විට රොබී කොල්ට්‍රනේ 72 වන වියේ පසුවිය.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ඔහු පණ පෙවූ හැග්රිඩ්ගේ චරිතය ලොකු කුඩා සියලු දෙනා වයස් භේදයකින් තොරව ආදරය කළ චරිතයකි. ඊට අමතරව ජේම්ස් බොන්ඩ් සහ තවත් සුප්‍රකට චිත්‍රපට රැසකටම කෝල්ට්‍රනේ සිය රංගන දායකත්වය ලබා දී ඇත.
ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් හැරී පොටර් ලේඛිකා ජේ කේ රෝලොන්ග් පවසා ඇත්තේ ඔහු විශ්මයජනක නළුවෙකු බවයි.
ඊට අමතරව හැරී පොටර් චරිතයට පණදුන් ඩැනියෙල් රැඩ්ක්ලිෆ් හා හර්මයිනිගේ චරිතයට පණ දුන් එමා වොට්සන්ද රොබී කොල්ට්‍රනේගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ශෝකය පළ කර තිබුණේ ඔහු සමග ගෙවූ ළමා කාලය සිහිපත් කරමිනි.