වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කරන්න..! ජනපති රනිල්

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි.

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ පා සිටින ඉඩම් ගැටලුව පිළිබඳ අද (14) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවට එක් වෙමිනි.

පාරම්පරිකව ගොවීන් විසින් වගාකරන ලද එහෙත් යුද්ධය නිසා අතහැර ගොස් තිබී යුද්ධය නිමවීමෙන් පසුව වනජීවි හා වනරක්ෂිත ලෙස මායිම්ගල් දමා ඇති පාරම්පරික ඉඩම් නැවත ගොවීන් වෙත ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

ගොවි ජනතාවගේ ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි යල මහ කන්න සාර්ථක කර ගනිමින් 2023 ඇති විය හැකි ආහාර අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යාතාව පැහැදිළි කළේය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හඳුන්වා දුන් ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය පිළිබඳ වැඩසටහන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහු සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්, පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරිහු ද, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2022-10-14

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *