ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික මහාචාර්යවරයා ලොව පුදුම කරමින් කළ නිර්මාණය

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් නිර්මාණය කළ “කැස්ස” මගින් කොවිඩ් රෝගීන් හඳුනාගත හැකි ස්මාර්ට් දුරකථන මෙවලමක් ලොව ප්‍රමුඛතම වෛද්‍ය උපකරණ සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ෆයිසර් සමාගම විසින් මිලදී ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවේ කුවීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදන්ත අබේරත්න මහතාගේ නිර්මාණයක් වන එම මෙවලම ෆයිසර් සමාගම මිලදී ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 179කටය.

මහාචාර්යවරයා පවසන්නේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම මගින් ඔහුට අවශ්‍ය ආධාර සැපයු බවය.

ඔහුගේ නවතම නිර්මාණය යොදාගෙන යමෙකුගේ කැස්සේ ශබ්දය අනුව ඔහු කොවිඩ් -19 ආසාදිතයෙක්ද යන්න හඳුනාගත හැකිය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හෝ පී සී ආර් වෙනුවට යම් දිනෙක මෙම නව තාක්ෂණය යොදාගෙන කොවිඩ් ආසාදිතයින් පමණක් නොව වෙනත් විවිධ ස්වසන රෝග තත්ත්වයන් හඳුනාගත හැකි වෙතැයි මහාචාර්යවරයා පැවසීය.  

විශේෂයෙන්ම ගුවන්තොටුපොළවලදී, ක්‍රීඩාගාර තුළ හෝ වැඩිහිටි නිවාසවල ආසාදිතයින් කඩිනමින් හඳුනා ගැනීමට මෙම නව නිර්මාණය භාවිත කළ හැකි බව සඳහන් ය.

Ad Widget

Recommended For You

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *