ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති පාදක කාරක සභාවකට ලබාදිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංශෝධන ඇතුළත් කිරීමට නීති කෙටුම්පත් සකස් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දේශපාලන දූෂණයට ප්‍රධාන හේතුව මනාප ක්‍රමය බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මනාප නොවන ලැයිස්තු ක්‍රමයක් හෝ මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් වහා සම්මත කර මැතිවරණ නීතියෙන් මැතිවරණ සඳහා වියදම් කරන මුදලට සීමා පැනවිය යුතු බව පැවසීය.