දුම්රිය රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (10) පස්වරුවේ පැවසීය.
මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුව ඇති බවත් කැලණිවැලි මාර්ගයේ ධාවනය කරන බලවේග කට්ටල කීපයක් මේ වන විට ධාවනයෙන් ඉවත්ව ඇති බවත් එම නිලධාරියා කීය